භාගත කිීරීම්

මිණිපේ ප්‍රාදේශීය සභාව

මහජන පැමිණිලි

මිණීපේ ප්‍රදේශීය සභාවේ මහජන පැමිණිලි ඒ්කකය වෙත පිවිසෙන ඔබ සාදරයෙන් පිළිගනිමු.

මිණිපේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට සහ විෂය පථයන්ට අදාළ ව ඔබට ඇති ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබා දීමේ සක්‍රීය යාන්ත්‍රණයක් සවිබල ගැන්වීමේ අරමුණින් මෙම ඒ්කකය ස්ථාපිත කර ඇති අතර, ඒ් ඔස්සේ ඔබගේ ගැටලුවලට අදාළ ව කාර්යක්ෂම ලෙස සඵලදායී ව්සඳුම් ලබා දීමේ වගකීම අපගේ කාර්යය මණ්ඩලය වෙත පැවරෙනු ඇත.

පහත සඳහන් ක්‍රමවේද ඔස්සේ මහජන පැමිණිලි ඉතා පහසුවෙන් අප වෙත ඉදිරිපත් කිරීම සඳහා අප ඔබට පුළුල් තාක්ෂණික ප්‍රවේශයන් හඳුන්වා දී ඇත්තෙමු.

  1. දුරකථන අංකය - +94 552 257767
  2. මහජන පැමිණිලි සඳහා වෙන් කළ වට්ස් ඇප් සමූහය -
  3. විද්‍යුත් තැපැල් ලිපිනය - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
  4. මුහුණු පොත් සබැඳිය - https://www.facebook.com/share/1AfGswQkVC/
  5. පහත සඳහන් පෝරමය සම්පූර්ණ කිරීම මඟින් ඔබට ඔබේ පැමිණිල්ල අප වෙත යොමු කළ හැක.

    නම  
    ලිපිනය  
    ජාතික හැඳුනුම්පත් අංකය  
    දුරකථන අංකය  
    ඔබගේ පැමිණිල්ල  
    ජාතික හැඳුනුම්පත් අංකය  
    යෝජනා  
  6. තව ද අපගේ කාර්යාලයීය පෙරටු කාර්යාලය හා සම්බන්ධ වීමෙන් සෘජු ලෙස මහජන පැමිණිලි ඉදිරිපත් කිරීමේ පහසුකම ද අප විසින් ඔබට සලසා දී ඇත.

ඔබගේ ගැටලුවලට අවශ්‍ය කඩිනම් විසඳුම් සඳහා ඉහත ප්‍රවේශයන් අතුරින් ඔබගේ පහසුව හා අභිරුචිය පරිදි අප හා සම්බන්ධ වන්න.

“ඔබ ප්‍රමිතිගත මහජන සේවයක් අපේක්ෂා කරන්නේ නම්, විධිමත් ප්‍රවෙිශයන් ඔස්සේ නිවැරදි තොරතුරු ඉදිරිපත් කිරීම ඔබට පැවරී ඇති වගකීම යි.”

භාගත කිීරීම්

1. අයදුම්පත්‍ර ආකෘති

මිණිපේ ප්‍රාදේශීය සභාව හා කටයුතු කිරීමේ දී ඔබට අවශ්‍ය වන්නා වූ අයදුම්පත්‍ර මේ හරහා භාගත කිරීම හැකියාව අපි ඔබට ලබා දෙන්නෙමු.
අයදුම්පත් මෙමඟින් ලබා ගෙන අප වෙත ඉදිරිපත් කිරීමේ දී පහත ක්‍රමවේද අනුගමනය කරන්න
අයදුම්පත ලබා ගැනීමේ සහ ඉදිරිපත් කිරීමේ ක්‍රමය:

  1. අයදුම්පත බාගත කරන්න.
  2. අයදුම්පත නිසි පරිදි සම්පූර්ණ කර අත්සන් යොදන්න
  3. ඔබ පූර්ව පරික්ෂා කිරීමක් අපේක්ෂා කරන්නේ නම් පමණක් අදාළ අයදුම්පත්‍රය සියලු ම ලියකියවිලි සමඟ PDF ගොනුවක් ලෙස සකස් කර, PDF ගොනුව අප වෙත යොමු කරන්න.
  4. ඔබ ඉදිරිපත් කරන ලියවිල්ලේ මුල් පිටපත තැපැල් මාර්ගයෙන් හෝ සභාවට පැමිණ භාර දිය යුතුය.

මෙම ක්‍රියාවලිය මගින් ඔබ සභාවට පැමිණෙන වාර ගණන අවම කරමින් ඔබේ කාලය සහ මුදල් ඉතිරි කළ හැක

 

විස්තරයසිංහලදෙමළඉංග්‍රීසි
 තොරතුරු ලබා ගැනීමේ අයදුම් පත්‍රය (RTI 01)pdf32pdf32pdf32
 අභියාචනා අයදුම් පත්‍රය (RTI 10)pdf32pdf32pdf32
 රැස්වීම් ශාලාව කුලී පදනම මත ලබා දීමට අදාළ අයදුම් පත්‍රයpdf32pdf32 pdf32 
 පිට්ටනිය කුලී පදනම මත ලබා දීමට අදාළ අයදුම් පත්‍රයpdf32pdf32pdf32 
 දැන්වීම් පුවරු බැනර් ප්‍රදර්ශනය සඳහා අනුමැතිය ලබා ගැනීමේ අයදුම් පත්‍රයpdf32pdf32 pdf32 
 පාපැදි බලපත්‍රය ලබා ගැනීම සඳහා වන අයදුම් පත්‍රයpdf32pdf32pdf32

 

 


2. චක්‍රලේඛ හා ගැසට් පත්‍ර

 

ඔබට අවශ්‍ය චක්‍රලේඛ හා ගැසට් පත්‍ර පහත සබැඳි ඔස්සේ භාගත කිරීමේ හැකියාව පවතියි.

විස්තරයසිංහලදෙමළඉංග්‍රීසි
 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතpdf32pdf32pdf32
 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත පිළිබද වු ගැසට් පත්‍රයpdf32pdf32pdf32

 

 


3. පුරවැසි ප්‍රඥප්තිය

අපගේ සේවය සඳහා ඔබ විසින් කරනු ලබන ඉල්ලීම්

  • යුක්ති සහගත සහ සාධාරණ ලෙසත්
  • නියමිත කාලය තුළදීත්
  • අංග සම්පූර්ණ හා නිවැරදි ලෙසත්
  • විධිමත් ආයතනික ප්‍රවේශයන් ඔස්සේත්

අප වෙත යොමු කළ යුතු වේ.

ඒ් සඳහා අවශ්‍ය වන්නා වූ මූලිකාවබෝධයත් සහ ප්‍රවේශයක් ඔබ වෙත ලබා දීම මෙම පුරවැසි ප්‍රඥප්තිය මඟින් සිදු කර ඇත. අපගෙන් අපේක්ෂා කළ හැකි හා අපේක්ෂා කළ නො හැකි දේ පිළිබඳ ප්‍රමාණවත් අවබෝධයක් ඔබ සතුව පැවතීම මගින් අපගේ කාර්යය ඵල ඉහළ නැංවෙනු ඇතැයි අප විශ්වාස කරන්නෙමු. පුරවැසි ප්‍රඥප්තිය වනා හී අප විසින් සපයනු ලබන සේවාවන්ගේ ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීම සඳහා ඔබත් අපත් එක්ව දරන ඒකාබද්ධ ප්‍රයත්නයකි.
මෙම පුරවැසි ප්‍රඥප්තිය යට‌තේ ලබාදෙන ‌සේවාවන් නිරතුරුව සංශෝධනය කිරීමට සහ වැඩි දියුණු කිරීමට අපි බැඳී සිටිමු.!

 


4. සම්පත් පැතිකඩ

  • 2023 මිණිපේ ප්‍රාදේශීය සභාවේ සම්පත් පැතිකඩ (MS Excel) බාගන්න: සිංහල | දෙමළ | ඉංග්‍රීසි
  1. බදු, ගාස්තු හා කුලී ගෙවීම්
    • වරිපනම් බදු
    • ව්‍යාපාර හා කර්මාන්ත බදු
    • විනෝද බදු
    • කසල බදු
    • ජල බිල්පත්
    • කඩ කුලී හා නිවාස කුලී
  2. කුලියට දීම් හා වෙන් කිීරීම්
    • ටෙන්ඩර් මඟින් කුලියට දීම්
    • කුලී පදනම මත වාහන ලබාදීම්
    • වෙනත් කුලියට දීම්
  3. බලපත්‍ර හා ගාස්තු
    • වෙළඳ බලපත්‍ර
    • පරිසර බලපත්‍ර
    • පාපැදි බලපත්‍ර
    • කුලී රථවාහන සඳහා බලපත්‍ර
    • දැන්වීම් පුවරු සඳහා බලපත්‍ර
  4. මහජන සෞඛ්‍ය සේවා
    • ඝණ අපද්‍රව්‍ය කළමණාකරණය
    • කොම්පෝස්ට් අලෙවිය
    • ආයුර්වේද සේවා
  5. භෞතික සැලසුම්, මංමාවත්, ඉඩම් හා ගොඩනැගිලි ආශ්‍රිත සේවා
    • වීථීරේඛා / නො පරවා ගැනීම් සහතික නිකුත් කිරීම
    • පිඹුරුපත් අනුමත කිරීම
    • ගොඩනැගිලි අයදුම්පත්‍ර
    • මාර්ග පළුදු කිරීම සඳහා අවසර ලබා ගැනීම
    • සංවර්ධන ව්‍යාපෘති යෝජනා
  6. සුභසාධන සේවා
    • මෘත දේහ තැන්පත් කිරීම
    • පුස්තකාල සේවා
    • පෙරපාසල් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථාන
    • මාතෘ හා ළමා සුභසාධනය
  7. වෙනත්
    • වීථී පහන් සහ සූර්යය වීථි පහන්
    • අනතුරුදායක ගස් ඉවත් කිරීම්

 

මාර්ගගත ගෙවීම් පහසුකම

සියලු බිල්පත ගෙවීම් කටයුතු සහ වෙන් කිරීම් කටයුතු (BOOKING) නිවසේ සිට ම සිදු කිරීමේ පහසුව දැන් ඔබටත්...

මිණිපේ ප්‍රාදේශීය සභාවට අයත් වරිපනම් බදු, කඩකුලී සහ නිවාස කුලී ගෙවීම සඳහා වැඩිදියුණු තරන ලද පහසුකම් මේ වනවිට අප ඔබ වෙත ලබා දීමට කටයුතු කර අ‍ැත් බැව් සතුටින් දැන්ම්දෙමු.

නිවසේ සිට ම පහසුවෙන් ඔබගේ ගෙවීම් කටයුතු කිරීම සඳහා පහත සබැදිය වෙත යොමු වන්න.

වැඩි විස්තර සඳහා දුරකථන මාර්ගයෙන් අප හා සම්බන්ධ වන්න.

 


 

මාර්ගගත ක්‍රමයෙන් ගෙවීම් සිදුකරන්නේ කෙසේ ද?

ඔබගේ ගිණුම ලියාපදිංචි කිරීම සඳහා සහය වීමට අප සූදානම්. ඒ් සඳහා පහත දක්වා ඇති සබැදියෙහි උපදෙස් පිළිපදින්න.

නැතහොත් පහත දක්වා ඇති කේතය scan කරන්න

Online payment instructions