ආයුබෝවන්!

minipe_psමිණිපේ ප්‍රාදේශීය සභා නිල වෙබ් අඩවිය වෙත පිවිසෙන ඔබ සැම සාදරයෙන් පිළිගනිමු.! 

හිතෛෂී වූත්, කාර්යක්ෂම වූත්, මහජන සේවාවන් සැලසීමේ තවත් එක් සාධනීය පියවරක් සංලක්ෂ්‍යය කරවනු වස් අප විසින් මෙම වෙබ් අඩවිය සංස්ථාපනය කර ඇති අතර, "අපේ මිණිපේ" ජනතාවට ස්වකීය අවශ්‍යතාවයන් සපුරා ගැනීමේ කටයුතු සඳහා විශ්වසනීයත්වය තහවුරු කරන ලද , නවමු, තාක්ෂණික ප්‍රවේශයක් ලබා දීම අපගේ මූලික අරමුණ යි.

1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පණත යටතේ පිහිටුවන ලද ප්‍රාදේශීය සභා ක්‍රමය අනුව , මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කය තුළ වර්ග කිලෝමීටර් 242ක භූමි ප්‍රදේශයක් ද , ග්‍රාම නිලධාරී වසම් 48ක් ද , සමස්ත ජනගහනය 59628ක පමණ ප්‍රමාණයක්ද ආවරණය කරමින් ස්ථාපිත මෙම පළාත් පාලන ආයතනයෙන් බල ප්‍රදේශයේ ජන අපේක්ෂාවන් මල් ඵල ගැන්වීමේ අභිලාෂයෙන් අපගේ සේවය අභිමානවත් ලෙස දියත් කරමින් සිටින්නෙමු.

මිණිපේ, පුරවරයට උරුම වූ අතිශය පොහොසත් වූ සංස්කෘතික උරුමය, ස්වභාවික සුන්දරත්වය සහ සම්ප්‍රදායික කෘෂිකාර්මික රටාවන් ට අනුගතව සජීවීවූ ප්‍රජා ජීවිතය පිළිබඳව තොරතුරු ඔබට ලබා දීමට හැකි වීම අපගේ භාග්‍යයකි. මේ සාරවත් කෙත්බිමේ ඉතිහාසය පිලිබදව මෙතෙක් මතුකර ගත නොහැකි වූ මූලාශ්‍රයන් ගවේෂණය කිරීමටත්, ඒවා මතු පරපුරට උරුම කර දීමටත් සහ අපේ මිණිපේ භූමියේ පාරිසරික සහ ස්වාභාවික ආකර්ෂණීය ස්ථාන කරා ලෝකයා ගේ අවධානය යොමු කරවීමටත් අප ඔබට ආරාධනා කරන්නෙමු.

එසේම ග්‍රාමීය වපසරියකින් අර්ධ නාගරික හෝ ප්‍රවේශයකට මෙම භුමිය ඔසවා තැබීම සදහා වූ නව සංවර්ධන ප්‍රවේශයන් පිළිබද පුළුල් කතාකාවක් සදහා මෙම අඩවිය වේදිකාවක් කර ගනිමින් , සම්ප්‍රදායන් නොනසා සුරක්ෂා කිරීමේ ජාතික වගකීම ඉටු කිරිම සදහා ඔබගේ උනන්දුව සහ සහභාගීත්වය බෙහෙවින් අවශ්අ‍ය වන බව අවධාරණය කරමු . තවද අප විසින් ඉටු කරනු ලබවන මහජන සේවාවන් වඩාත් කාර්යක්ෂම සහ ඵලදායි ලෙස කඩිනමින් ඉටු කිරීම ටත්, මෙම අවකාශය භාවිතය ගැනේ.

“අපේ මිණිපේ” ජනතාවගේ විශ්වසනීය ම සහ විධිමත් වූ තොරතුරු මූලාශ්‍රය බවට පත්වීම අපගේ ප්‍රමුඛ අපේක්ෂාව වන බව ගෞරවයෙන් සිහිපත් කරන්නෙමු.

අපගේ පරිපාලනය

මිණිපේ ප්‍රාදේශීය සභාවේ පරිපාලන මාණ්ඩලික නිලධාරීන්

බී. එම්. ආර් .බී. ගුණරත්න මහතා

බී. එම්. ආර් .බී. ගුණරත්න මහතා

ගරු සභාපති

එච්. ජී. අනිල් සේරසිංහ මහතා

එච්. ජී. අනිල් සේරසිංහ මහතා

ගරු උප සභාපති

පී. එච්. ධර්මරත්න මහත්මිය

පී. එච්. ධර්මරත්න මහත්මිය

ලේකම්

සභා ලේකම්වරියගේ පණිවිඩය

නව රජයක් යටතේ නව දර්ශනයකින් ,නව චින්තනයකින් ජාතික අපේක්ෂාවන් ඉටු කිරීමෙහිලා වෙන කවරදාටත් වඩා කැපවිය යුතු කාලයකි මේ එලඹ ඇත්තේ . “පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්” යන්න තේමා කොටගත් ඉදිරි සංවර්ධනාත්මක සැලසුම් ක්‍රියාවට නැංවීමේදී , සමාජ සහයෝගීතාවය තුළින් සමාජ බල ගැන්වීමේ අවශ්‍යතාවය ප්‍රමුඛ වගකීමකි.

එහිදී පළාත් පාලන ආයතන පද්ධතිය සවිමත් කරමින් සමාජ අපේක්ෂාවන් ඉටු කිරීමෙහිලා ,පවත්නා සීමිත මූල්‍ය හා භෞතික සම්පත් ඵලදායී ලෙස භාවිතයට ගැනීම සඳහා වූ රාජ්‍ය ප්‍රතිපත්තිය හා සමපාත කිරීමත් , ගෝලීය තිරසාර සංවර්ධන දර්ශක පිළිබඳව අවධානය යොමු කිරීමත් අවශ්‍ය වන්නේ ය .

මෙතෙක් මිණිපේ බල ප්‍රදේශය තුළ නො විසදී පවත්නා ගැටලු ගණනාවක් කෙරෙහි පූර්ණ අවධානය යොමු කිරීමටත් , අදාළ ගැටලු සම්බන්ධයෙන් ග්‍රාමීය මට්ටමේ සිට පුළුල් කතිකාවක් ඇති කරමින් රාජ්‍ය මට්ටමේ අවධානයට ලක් කරවීම තුළින් ප්‍රමුඛතා පදනම් ව සාධනීය මැදිහත් වීමක් ලබා ගැනීමට දැඩි උත්සහයක් ගත යුතුව පවතී. මහජන සේවා ඉටු කිරිමට ක්‍රමෝපායන් සැකසිය යුතු ය.

තවද, නව ආදායම් උත්පාදන ක්‍රමවේදයක් කෙරෙහි යොමුවීම අත්‍යවශ්‍ය වන අතර ම මෙම බල ප්‍රදේශයට ආවේණික වූ කාලගුණික හා දේශගුණික තත්වයන් සැලකිල්ලට ගනිමින් සහ අභියෝගයන් නිසි ලෙස අධ්‍යනය කරමින් සහ නිරන්තර සමාලෝචනය කීරිමෙන් සපුරාගත හැකිවූ ඉලක්කවලට වඩා ,සම්පූර්ණ කර ගත නොහැකි වූ කාර්යයන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමටත් , නවීන තාක්ෂණය හා බද්ධ ව පළාත් මායිමෙන් ඔබ්බට මිණිපේ ආගමික, සමාජයීය, සංස්කෘතික හා පාරිසරික උරුමයන්, අගයන් , වටිනාකම් ගෙන යාමට මෙය ප්‍රවේශයක් වනු ඇතැයි විශ්වාස කරමි.

තොරතුරු දැනගැනීමේ අයිතිය

2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත මහජනතාවට තොරතුරු දැනගැනීමේ ප්‍රවේශය ලබාදීම සඳහා ක්‍රියාත්මක කරන ලද පනතකි..
 
ඊට අනුකූලව, මිණිපේ ප්‍රාදේශීය සභාවේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත සඳහා වු අංශයක් අප ස්ථාපනය කර ඇති බැව් ඔබට ඉතා සතුටින් දැනුම් දෙන්නෙමු.
 
ඒ අනුව ඔබට අවශ්‍ය තොරතුරු ලබාගෙන ඒ පිළිබඳ අභියාචනා ඉදිරිපත් කිරීමේ හැකියාව ඔබට ඇති අතර ඒ සඳහා ප්‍රදේශීය සභා නිලධාරීන්ගෙන් සහ තොරතුරු කොමිෂන් සභාවේ සහාය ලබා ගත හැක
 
තොරතුරු නිලධාරි නම් කළ නිලධාරි
පී. එච්. ධර්මරත්න මහත්මිය
සභා ලේකම්
මිණිපේ ප්‍රාදේශීය සභාව
දුරකථන අංකය : +94 552 257767
ඊමේල් ලිපිනය This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
බී. එම්. ආර් .බී. ගුණරත්න මහතා
ගරු සභාපති,
මිණිපේ ප්‍රාදේශීය සභාව.
දුරකථන අංකය : +94 552 257767
ඊමේල් ලිපිනය This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
RTI01 පෝරමය: සිංහල | දෙමළ | ඉංග්‍රීසි RTI10 පෝරමය: සිංහල | දෙමළ | ඉංග්‍රීසි

මිණිපේ ප්‍රදේශයේ විස්මිත සුන්දරත්වය

ශ්‍රී ලංකාවේ මිණිපේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ සැඟවුණු චමත්කාරය සොයා ගන්න! ස්වාභාවික සුන්දරත්වයෙන් හා සංස්කෘතික උරුමයන්ගෙන් පොහොසත් නිස්කලංක මහවැලි ගඟේ සිට පුරාණ විහාරස්ථාන, දර්ශනීය කඳු වැටි සහ දිය ඇලි රස විඳින්න අප හා එක්වන්න. සදාකාලික සුන්දරත්වය, උණුසුම් ආගන්තුක සත්කාරය සහ අද්විතීය ආකර්ෂණීය ස්ථාන නැරඹීමට සහ අත්විඳීමට අපි ඔබට උණුසුම් ලෙස ආරාධනා කරන්නෙමු.