මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ නැගෙනහිර දිශාවට මායිම්ව පිහිටි මිණිපේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය උතුරින් හීන් ගගෙන්ද, නැගෙනහිරින් මහවැලි ගගෙන්ද, දකුණින් රන්දෙණිගලින්ද, බටහිරින් උඩදුම්බර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයෙන්ද මායිව ඇත. මෙම ප්‍රදේශය වර්ග කිලෝමීටර් 242 ක විශාලත්වයකින් යුත් ග්‍රාම නිළධාරි වසම් 48 කින් සමන්විත වේ. එසේම, මෙහි මුළු ජනගහනය 59628ක් පමණ වේ.
වියළි දේශගුණයක් පවතින මිණිපේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට ඊසාන දිග මෝසමෙන් පමණක් වර්ෂාව ලැබේ. මෙහි සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය මි.මි 80-100 පමණ වන අතර, එය ඔක්තෝම්බර් සිට ජනවාරි දක්වා කාලය තුළ දැකගත හැකිය. සාමාන්‍ය වාර්ෂික උෂ්ණත්වය ෆැරන් හයිඩ් අංශක 70 - 80ත් අතර වේ. අගෝස්තු සිට ඔක්තෝම්බර් මස දක්වා දැඩි වියළි කාලගුණයක් පවතින බැවින්, මැයි සිට අගෝස්තු මාසය දක්වා තද සුළං ක්‍රියාත්මක වේ.
ගොවි ජනපද ව්‍යාපාරයක් වන මෙම බල ප්‍රදේශයේ ප්‍රධාන ජීවනෝපාය කෘෂිකර්මාන්තය වන අතර, වී ගොවිතැන ප්‍රධාන බෝගය ලෙසද ගම්මිරිස්, පොල්, එනසල් වැනි ආර්ථික බෝග ද මුං, කුරහන්, බඩ ඉරිඟු, කවුපි වැනි ධාන්‍ය බෝග ද වගා කරනු ලැබේ. එසේම ශ්‍රම බලකායෙන් වැඩි පිරිසක් ඇඟලුම් කර්මාන්තයේ නිරතව සිටිති.
මිණිපේ ව්‍යාපාරය ලෙස හදුන්වන මෙම ප්‍රදේශය සංචාරක ආකර්ශනය දිනාගන්නා ඵෙතිහාසික ස්ථාන කිහිපයක් හදුනාගත හැකිය. ඒ අතර මිණිපේ අමුණ, දහ අට වංගුව, රත්නැල්ල, කළුවා වැටුණු ඇල්ල යහන්ගල, සීතා කොටුව සහ ගල් පඩි පෙළ වැනි ස්ථාන ප්‍රධාන වේ.
“මිණිපේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ තීරණ ගැනීමේ ක්‍රියාවලියට මහජන දායකත්වය ලබා ගනිමින්, සුභසාධන හා පොදු යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සහ ස්වයං උත්පාදන හා නව්‍යකරණ ක්‍රමවේද ඔස්සේ ආර්ථික සවිබල ගැන්වීම තුළින්, මහජනතාවට උසස් ජීවන මට්ටමක් උදාකරදීම මඟින් තිරසර සංවර්ධනය උදෙසා වූ ජාතික කර්තව්‍යයට උපරිම දායකත්වය ලබා දීම අපගේ මෙහෙවර වේ.”
“ප්‍රජාවට වගවෙන බහු පාර්ශවික සහයෝගීතා ක්‍රියාවලියක් තුළින් තිරසර පුරවරයක්”
අපගේ සම්බන්ධතා තොරතුරු
හිතෛෂී මහජන සේවය වෙනුවෙන් මිණිපේ ප්‍රාදේශීය සභාවෙහි කාර්යක්ෂම කාර්යය මණ්ඩලයෙහි අප කැප වී සිටින්නෙමු.!
ඔබගේ ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා ගැනීම සඳහා අප හා සම්බන්ධ වන්න.
දුරකථන අංකය: +94 552 257767
WhatsApp දුරකථන අංකය-
විද්‍යුත් තැපැල් ලිපිනය: psminipe@gmail.com
මුහුණු පොත් සබැඳිය: Facebook
මිණිපේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පිහිටීම
අපගේ මාර්ගගත සේවාවන්
මිණිපේ ප්‍රාදේශීය සභා සේවාවන් සඳහා මාර්ගගත ගෙවීම් පහසුකම ඔබ වෙත ගෙන ඒමට අපි සතුටු වෙමු. වැඩිදුර උපදෙස් සහ මාර්ගගත ගෙවීම් සඳහා කරුණාකර අපගේ මාර්ගගත ගෙවීම් දොරටුවට පිවිසෙන්න.
අපගේ සංචාරක ආකර්ෂණ
සංචාරක ආකර්ෂණ ස්ථාන පිළිබඳ වැඩි විස්තර සඳහා අපගේ පුවත් සහ දැන්වීම් තීරය වෙත යොමු වන්න)
