ක්රි.ව 459 සිට ක්රි.ව 473 දක්වා ලංකාවේ රජ කළ ධාතුසේන රජතුමා විසින් කරවන ලද කලා වැව ආදී වාරි නිර්මාණ අතරින් මිණිපේ ඇළ මාර්ගය අද දක්වාම පවතින විශිෂ්ඨ නිර්මාණයක් බවට ඉතිහාසය සාක්ෂි දරයි. මෙතුමා විසින් මහවැලි නදියේ වම් ඉවුරේ ස්ථානයක කුඩා අමුණක් බැද ජලය හරවා සැතපුම් 17ක් (27Km පමණ) දිගට මිණිපේ ඇළ කරවූ බව මහාවංශයේ සදහන් වේ. උමා ඔය හා මහවැලි ගග එක්වන ස්ථානයට කිලොමීටර් තුනක් පමණ පහළින් පිහිටි ස්ථානයක ඉදිකල මණිමේඛලා නම් මේ අමුණේ නටඹුන් අදටත් දක්නට ලැබේ. සමහර මූලාශ්ර වල පබ්බත ඇළ නමින්ද
යක්ඛ ගෝත්රිකයන් විසින් ඉදිකරන ලද බැවින් යකුන් බැඳි ඇළ ලෙසින්ද මිණිපේ ඇළ හදුන්වන ලදි.
ක්රි.ව. 564 හා 598 අතර කාලයේ මෙරට පාලනය කළ 1වන අග්ගබෝධි රජතුමා විසින් මිණිපේ ඇළ මාර්ගය ප්රති සංස්කරණය කර ඇති අතර, ක්රි.ව. 853 හා 887 අතර කාලයේ මෙරට පාලනය කළ දෙවැනි සේන රජතුමා විසින් මිණිපේ ඇළ මාර්ගය සැතපුම් 47ක් (74Km ක් පමණ) දක්වා ඇළ ඉදිකර කුඹුරු කරවූ බව මහාවංශය සදහන් කරන ලදි. නමුත්, මිණිපේ අමුණ මෑත කාලයේ සිදුකරන ලද ප්රතිසංස්කරණයන්ගෙන් අනතුරුව මේ අයුරින් දක්නට ලැබේ.