සංචාරක ආකර්ෂණ ස්ථාන

මිණිපේ ප්‍රාදේශීය සභාව

මිණිපේ යෝධ ඇළ ව්‍යාපාරය සහ මිණිපේ අමුණ

ක්‍රි.ව 459 සිට ක්‍රි.ව 473 දක්වා ලංකාවේ රජ කළ ධාතුසේන රජතුමා විසින් කරවන ලද කලා වැව ආදී වාරි නිර්මාණ අතරින් මිණිපේ ඇළ මාර්ගය අද දක්වාම පවතින විශිෂ්ඨ නිර්මාණයක් බවට ඉතිහාසය සාක්ෂි දරයි. මෙතුමා විසින් මහවැලි නදියේ වම් ඉවුරේ ස්ථානයක කුඩා අමුණක් බැද ජලය හරවා සැතපුම් 17ක් (27Km පමණ) දිගට මිණිපේ ඇළ කරවූ බව මහාවංශයේ සදහන් වේ. උමා ඔය හා මහවැලි ගග එක්වන ස්ථානයට කිලොමීටර් තුනක් පමණ පහළින් පිහිටි ස්ථානයක ඉදිකල මණිමේඛලා නම් මේ අමුණේ නටඹුන් අදටත් දක්නට ලැබේ. සමහර මූලාශ්‍ර වල පබ්බත ඇළ නමින්ද

18 වංගුව මාර්ගය

18 වංගුව මාර්ගය

මහියංගනය සිට මහනුවරට පහසුවෙන් ගමන් කළ හැකි පරිදි මීටර් 8.5ක් පමණ පළලින් යුතු දහ අට වංගුව මාර්ගය ඉදිකර ඇත. පාලම් 10 ක් සහ බෝක්කු 37ක් සහ කුඩා බෝක්කු 320කින් සමන්විත මෙම මාර්ගයේ බෑවුම අධික ස්ථාන වල කොන්ක්‍රීට් පැතිබැමිවලින් සවිමත් කර ඇත. සෑම වංගුවක ම දර්පන සවිකිරීමෙන් රියදුරන්ට ඉදිරියෙන් එන වාහන දැක ගැනීමට සලස්වා තිබේ. වනජීවී අමාත්‍යාංශයට අයත් වනාන්තරවලින් කිලෝමීටර් 18.2 ක් ද, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් භුමිවලින් කිලෝමීටර් 4.4 කට අයත්වන අයුරින් මෙම මාර්ගය නිර්මාණය කර ඇත. මාර්ග ප්‍රතිසංස්කරණයෙන් පසු ඒ හරහා පැය එකහමාරකින් මහියංගනයට ගමන් කිරීමේ හැකියාව ලැබී තිබේ.

රත්න ඇල්ල දිය ඇල්ල

රත්න ඇල්ල දිය ඇල්ල

රත්න ඇල්ල නම් ඉතා සුන්දර කොමළිය හසලක රත්න-ඇල්ල ගමේ පිහිටා ඇත. මහියංගනය නගරයේ සිට නුවර පාරේ හසලක නගරයට පැමිණ එතැන් සිට කිලෝමීටර කිහිපයක් දුරින් පිහිටි මෙය මහනුවර මහියංගනය මාර්ගයටද දර්ශනය වේ. මෙය නකල්ස් කදු කදුකරයේ සිට පැමිණෙන හසලක ඔයෙන් පෝෂණය වන ඉතාම චමත්කාර ජනක ස්ථානයකි. උස අතින් ගත් කල මෙම දිය ඇල්ලට ලංකාවේ උසම දිය ඇලි ලැයිස්තුවේ 10 වන ස්ථානය හිමි වන අතර, උසින් මීටර 101 පමණ වේ. මෙහි අවට වට පිටාවද අතිශය සුන්දරය. රත්න ඇල්ල ඉතිහාසය පැරණි රාවණා යුගය දක්වා ඇදී යන්නකි. එහිදී රාවණා රජු මෙම ප්‍රදේශයේ සීතා කුමරිය සමග විසූ බව ජනප්‍රවාදයේ සදහන් වේ. එහිදී රාවණා රජු සීතා සමග මෙම දිය ඇල්ල ප්‍රදේශයේ දිය කෙලියේ යෙදුනු බවද කියැවේ.

යහන්ගල

යහන්ගල

ජනප්‍රවාදයන්ට අනුව, යහන්ගල නම් කඳුකර ප්‍රදේශයේ ගලේ බණ්ඩාර දෙවියෝ වැඩ සිට ඇති බවත්, උඩගලදබොක්ක හා අවට ගම්මාන වලට අවශ්‍ය ආයුධ ලබා දී කුඹුරු ගොවිතැන සශ්‍රීක කිරීමට උපකාර කර බවත් විශ්වාසයන් පවති. රාම රාවණා යුද්ධය ලකේගල හා රැහැස්ස අතර පැවතුණ නිසා රාවණා රජුගේ දේහය යහන්ගල ඇතුළේ තැන්පත් කර ඇති බව උපකල්පනය ක‍රේ.

සීතා කොටුව

සීතා කොටුව

මහනුවර – මහියංගණ මාර්ගයේ ගුරුළුපොත කඩමණ්ඩියට පහළින් පිහිටි මහ වනයේ මෙම ඓතිහාසික සීතා කොටුව නම් ස්ථානය පිහිටා තිබේ. අශෝක ගස්වලින් ගහනවූ මෙම ප්‍රදේශය හරහා ගලා බසින ජල මාර්ගයට වම් පසින් පිහිටි ගල් පඩි පෙළක්, ගොඩනැඟිලි කිහිපයක අත්තිවාරම් කිහිපයක්, කොරවක් ගලක් ඇතුළු නටබුන් සමූහයක් සහ ගල් ලෙනක් වර්තමානයේ මෙහි දැකගත හැකිය. ජල මාර්ගයේ සැඟවී ගිය ගුහාවක් මඟින් මාලිගාවකට පිවිසිය හැකි බවත්, මේ වන විට එම ගුහා විවරය වැසී ගොස් තිබෙන බවත් ජනප්‍රවාදයන් මඟින් පැවැසේ. සීතා කොටුව හා සම්බන්ධ ඉතිහාසය පූර්ව ඵෙතිහාසික යුගය දක්වාම එනම්, රාවණ රාජ්‍ය සමය තෙක් ඈත අතීතයට විහිද යන්නකි. තම රූමත් නැඟණියට

හීං ගඟ අමුණ

හීං ගඟ අමුණ

හසලක වස්ගමුව මාර්ගයට සමාන්තරව ගලන ඇලට හෙට්ටිපොළ නැමති ප්‍රදේශයේදී, මීමුරේ ප්‍රදේශයේ සිට ගලා බසින හීංගග තරණය කිරීම සිදු වේ. මේ සදහා එම ඉදිකිරීම සැලසුම් කල ශිල්පීන් විශේෂ උපක්‍රමයක් භාවිත කර ඇත. එනම්, හීන් ගඟ හරහා ඉදිකරණ පාලමක් මතින් මෙම මිණිපේ වම් ඉවුරු ඇළේ ජලය ගෙනයාමටයි. නමුත්, මෙම ස්ථානයෙන් හසලක නගරයට ගමන් කළ හැකි මාර්ගයත් වැටී ඇති නිසා ජලය ගෙනයාමටත් ගමනාගමනයටත් එකම පාලම යොදා ගැනීමට සැලසුම් කර ඇත. එබැවින්,පාලම තුළින් ඉදි කරන ලද කොන්ක්‍රිට් බට දෙකක් මගින් මෙම ජලය හීංගග තරණය කර හසලක දෙස සිට හෙට්ටිපොළ දෙසට ගෙන යන ලදී. මෙහි දිග අඩි 600ක් වන අතර බට දෙකෙහි පළල අඩි 7ක් සහ උස අඩි 5.5ක් පමණ වේ. මෙය හෙට්ටිපොල ගිණිපෙට්ටි පාලම ලෙසද හැදින්වේ. මේ සුවිශේෂී පාලම 1969 මාර්තු මස 3 වැනි දින එවකට අගමැති වූ ගරු ඩඩ්ලි එස්. සේනානායක මැතිතුමන් විසින් ජනතා අයිතියට පත් කර ඇත.