right to information2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත

2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත මහජනතාවට තොරතුරු දැනගැනීමේ ප්‍රවේශය ලබාදීම සඳහා ක්‍රියාත්මක කරන ලද පනතකි. මෙම පනත 2016 ජූනි 24 වැනි දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලදී. මෙම පනත 2017 පෙබරවාරි 03 දින සිට අමාත්‍යාංශ සහ රාජ්‍ය අධිකාරී සඳහා බලාත්මක විය.

තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත හරහා පනතේ විධිවිධාන අනුව ඔබට අවශ්‍ය තොරතුරු ලබාගෙන ඒ පිළිබඳ අභියාචනා ඉදිරිපත් කිරීමේ හැකියාව ඔබට ඇති අතර ඒ සඳහා පහත නිලධාරීන්ගෙන් සහ තොරතුරු කොමිෂන් සභාවේ සහාය ලබා ගත හැක.

මිණිපේ ප්‍රාදේශීය සභාවේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත සඳහා වු අංශයක් අප ස්ථාපනය කර ඇති බැව් ඔබට ඉතා සතුටින් දැනුම් දෙන්නෙමු.

පහත සඳහන් උපදෙස් අනුගමනය කිරීම හරහා ඔබට කඩිනම් තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතියි.

 

පියවර අංක 01

  • තොරතුරු ලබාගැනීමේ ඉල්ලුම් පත්‍රයේ (RTI 01)  ඔබට අවශ්‍ය තොරතුරු පැහැදිලිව සඳහන් කරමින් ඔබට ලිපියක් හෝ විද්‍යුත් තැපෑලෙන් තොරතුරු නිලධාරියා වෙත ඉදිරිපත් කළ හැක.
  • තොරතුරු ලබා ගැනීමේ අයදුම් පත්‍රය (RTI 01) බාගත කරගන්න: සිංහල | දෙමළ | ඉංග්‍රීසි
  • තොරතුරු නිලධාරි:
    පී. එච්. ධර්මරත්න මහත්මිය
    ප්‍රධාන කළමණාකරණ සේවා නිලධාරී,
    මිණිපේ ප්‍රාදේශීය සභාව.
  • දුරකථන අංකය : +94 552 257767
  • ඊමේල් ලිපිනය This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

පියවර අංක 02

  • තොරතුරු ලබා ගැනීමේ අයදුම්පත්‍රයට අනුව ලැබුණු තොරතුරු සම්බන්ධයෙන් ඔබ සෑහීමකට පත් නොවන්නේ නම් අභියාචනා අයදුම්පත්‍රය(RTI 10)   මගින් නම් කළ නිලධාරීයා වෙත අභියාචනාවක් ඉදිරිපත් කල හැකිය
  • අභියාචනා අයදුම්පත්‍රය (RTI 10) මෙතැනින් බාගත කරගන්න: සිංහල | දෙමළ | ඉංග්‍රීසි
  •  
  • නම් කළ නිලධාරි:
    බී. එම්. ආර් .බී. ගුණරත්න මහතා
    ගරු සභාපති,
    මිණිපේ ප්‍රාදේශීය සභාව.
  • දුරකථන අංකය : +94 552 257767
  • ඊමේල් ලිපිනය This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

පියවර අංක 03

  • නම් කරන ලද නිලධාරියාගේ තීරණය ගැන ඔබ සෑහීමකට පත් නොවන්නේ නම්, ඔබට තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවට අභියාචනයක් ඉදිරිපත් කළ හැකිය.
  • අධ්‍යක්ෂ ජනරාල් / සභාපති,
    තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිසම,
    කාමර අංක 203,
    204 දෙවන පරිශ්‍රය,
    බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව,
    බෞද්ධාලෝක මාවත,
    කොළඹ 07
  • දුරකථන අංකය   : +94 112 691625 / +94 112 691265
    ඊමේල් ලිපිනය   : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත මෙතැනින් බාගත කරගන්න: සිංහල | දෙමළ | ඉංග්‍රීසි

2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත පිළිබද වු ගැසට් පත්‍රය මෙතැනින් බාගත කරගන්න: සිංහල | දෙමළ | ඉංග්‍රීසි